Thursday, October 1, 2020

දිව්‍යමය නැටුම | The Divine Dance

'ත්‍රිත්වය' (The Trinity) නමින් හැදින්වෙන මෙහි සඳහන් චිත්‍රය (icon) තිබෙන්නේ රුසියාවේ මොස්කව් නුවර ගැලරියකයි (Tretyakov Gallery).

අන්දරේ රුබ්ලව් (Andrei Rublev) නැමැති චිත්‍ර ශිල්පියා 15 වැනි ශත වර්ෂයේ සිතුවමට නගා ඇති මෙම ප්රසිද්ධ චිත්රයට පාදක වී ඇත්තේ බයිබලයේ උත්පත්ති පොතේ (Book of Genesis) 18 වැනි පරිච්ජේදයේ සඳහන් වන දෙවියන් ආබ්රහම්ට දර්ශනය වූ සිද්ධියයි (The hospitality of Abraham).

එහි සඳහන් ආගන්තුකයන් තිදෙනාට ආබ්රහම් උපස්ථාන කළ අතර මෙම අයිකොන් එක නිර්මාණය කිරීම සඳහා චිත්‍ර ශිල්පියා බයිසෙන්තියානු (Byzantine) සිතුවම් අභාශය භාවිතා කර ඇත. කෙසේ වෙතත් මෙම සිතුවම පුරාම සංකේත (symbolism) රාශියක් දක්නට ලැබේ.

ශුද්ධවු ත්රිත්වයකිතුණු ඉගැන්වීමෙහි (Christian doctrine) ප්රධාන සාධකයක් වන අතර එයින් පැහැදිලි කරන්නේ දෙවියන් තුන්දෙනෙක්ගේ එකතුවක් ලෙසයපියානන්, පුත්රයානන්, ශුද්ධාත්මයානන් (One God in three divine persons). මෙම චිත්රය මේ තුන්දෙනාගේ ඒකත්වය, සාංගීකත්වය හා ප්රේමනීය බැඳීම පිලිඹිබු කරයි. එය පැහැදිලි කිරීමට මෙහි සඳහන් රූප තුන වෘතාකාරව ස්ථානගත කර ඇත. [At the time of Rublev, the Holy Trinity was the embodiment of spiritual unity, peace, harmony, mutual love and humility.]

චිත්‍රය සඳහා ප්‍රධාන වශයෙන් සායම් කිහිපයක් භාවිතා කර තිබෙනවා. ‘පියානන්’ (වම් පැත්තේ) සඳහා භාවිතා කර ඇත්තේ රත්රන් පාටයි. එය පරිපූර්ණත්වය හා පරම මූලාශ්රය පෙන්නුම් කරනවා (perfection, fullness, wholeness, the ultimate Source).

The Trinity

පුත්රයානන්’ (මැද ) සඳහා යොදාගෙන ඇත්තේ නිල් හා දුඹුරු පැහැයයි. එයින් මිනිස්බවගත් දෙවියන් පිළිඹිබු වෙනවා. පුත්රයානන්ගේ පැහැදිලිව පෙනෙන ඇඟිලි දෙකෙන් පෙන්නුම් කරන්නේ ඔහු තුළ ස්ප්රිතුව හා පදාර්ථය, දේවත්වය හා මනුෂ්යත්වය එක්වූ බවය (he has put spirit and matter, divinity and humanity together within himself).

ශූද්ධාත්මයානන් (දකුණු පැත්තේ) සඳහා යොදාගෙ ඇත්තේ කොල පැහැයයි. ආත්මයානන්ගෙන් නික්මෙන ජීවනය, සෑම දේම සාරවත්කරන දේව හුස්ම එයි පැහැදිලි කරයි (Spirit’s endless fertility and divine aliveness).

ආහාර වැළඳීම සඳහා මේසයක් වටේ වාඩිවී සිටින දෙවියන්තිදෙනෙක් ලෙසින්ආදරයෙන් ආගන්තුක සත්කාරය බුක්ති විඳින අතර එකම පිගානේ වළඳන ඔවුන්ගේ බැල්මේ එකිනෙකා කෙරෙහි ඇති ස්නේහය හා ගෞරවය (love and respect) පැහැදිලිවම පෙනේ.

ශුද්ධාත්මයානන් තම හස්ත මුද්රාවෙන් යමක් පවසන බවක් පෙනේ. ශුද්ධාත්මයානන් ආරාධනාවක් කරනවාද එම මේසයේ ඉඩ ඇති තැන පෙන්වමින්. එසේනම් කුමක්ද? කවුරු සඳහාද?

ඔබ මේසයේ ඉදිරිපස නිරීක්ශනය කලහොත් ඍජුකෝණාස් හැඩයක් සහිත සිදුරක් දැකගනු ඇත. සිතුවම් සම්බන්ධ විශේසඥයින් කියන්නේ අයිකොන් එකෙහි එහි ඇතුලත් වූ මැලියම් වලින් පැවසෙන්නේ මුලදී එම ස්ථානයේ කැඩපතක් සවිකර තිබෙන්නට ඇති බවය. කැඩපතක්? කුමකටද?

මෙම මේසයේ කෑම වැළදීමට තවත් කෙනෙකුට ඉඩ තිබුන බව එයින් හැගේ සතරවෙනියා මෙම රූපය ඉදිරිපස සිට නරඹන කෙනායි, ඔබයිමමයි.

(මතු සම්බන්ධයි)

Source: 

Wikipedia; The Divine Dance, Richard Rohr with Mike Morrell